ස්වර්ණපාලි/Swarnapali

ස්වර්ණපාලි/Swarnapali ස්වර්ණපාලි Gold Mission

01/11/2023
20/09/2021

“THIRD EYE” Photography Competition- Leo category

The voting starts now!

Every like and share of yours counts. Give your vote to the most picturesque photos that touch your heart.

Rules for voters:
1. Like the official page of the Leo Club of Kandy. *(Votes are valid only if you have liked the page)*
2. Only likes and shares on this original post shared on the official page of the Leo Club of Kandy will be taken into consideration.
3. 50% votes taken into account from Facebook attributes (Likes and Shares) and the remaining 50% of the points will be awarded by a professional photographer(Mr. Rasanga Dissanayake).
4. Voting will be open until the 21st of September , 2021 (Tuesday) 12:00 PM.

Pointing scheme:
1 Like = 2 points
1 Share = 5 points

Captured by - D.A.N Randima

 #පිංබර_වෙසක්_පුරපසලොස්වක_දිනයක්_වේවා..........
25/05/2021

#පිංබර_වෙසක්_පුරපසලොස්වක_දිනයක්_වේවා..........

18/05/2021

"රුපියල් විස්සක් මහත්තය.."

"සල්ලි නෑ අන්කල්.."

"ගහෙන් වැටිල කකුල කැඩුන.."

"ඔය රුපියල් විස්සක් තියේනම් දීල දාපන් බං.."

ෂික් මුන් නම් තනිකරම ශාපයක්..කාලකණ්ණි.

ඒ කකුල ඉදිමිලා.
අප්පිරියාවෙ බෑ.
මැස්සොත් වහනවා..

"ආ ආ මේක අරන් යන්න.."

"බුදු බව අත්වෙන්න ඕනෙ.."

"අපරාදෙ සල්ලි දුන්නෙ.
ඕකා හවසට බාර් එක ගාව බොනව.."

"යන්නෑ බන්.. උදේම ලේ කෝප කරගන්න බෑ... බලපන් කකුල.."

"ඔය කෝච්චියට තියල..
කුඩු ගහන්න තමයි සල්ලි හොයන්නෙ.."

"ජරා යක්කු.."

හිඟන්නු ඇත්තටම මහ වදයක්.

උදේ පාන්දර බස් එකට නැගල දවසම කනව.

පාරෙ නොන්ඩි ගහ ගහ යන ඒ මිනිහ දිහා බලාගෙන මන් දෙස් තිබ්බ...

# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #

"යශිත.."

බයික් එක අයිනෙන් කරල නවත්තද්දි
යශිත හිනා වුනා..

"සර්.."

"කොහෙද යන්නෙ පුතා.."

"මේ එහා පැත්තෙ ගෙවල් තියෙන්නෙ සර්.."

"නගින්න මාත් එහාට යන්නෙ.."

"එපා සර් සර් යන්න මන් තව ටිකයිනෙ.."

"නගිනව නගිනව.."

හෙල්මට් එක මන් දික් කරද්දි යශිත බයික්කෙට නැග්ග.

"අක්කගෙ රිසාල්ට් කොහොමද යශිත.."

"සර් අක්ක මෙඩිසින් සිලෙක්ට් උනා.. "

"නියමයිනෙ.. යශිතත් අක්ක වගේ වෙන්න ඕනෙ.."

මගෙ ක්ලාස් එකේ හිටපු දක්ශම ළමයෙක්.
ගණන් වලට ලකුණු අසූවට වඩා ගත්ත.
හරිම චාම්..
සුහදශීලී
ඒ වගේම ආචාරශීලී ළමයෙක්..

"සර් "

"ඇයි පුතේ.."

"ඔහොම නතර කරන්න. මේ අපේ ගෙදර සර්.."

"මේ ගෙදර....."

ඒක ගෙයක් කියල පෙනුනෙ නෑ.

මන් ආයෙත් යශිත දිහා බැලුව.

ඒත් ඒ ඇස්වල ලැජ්ජාවක් තිබ්බෙ නෑ.

"අපි ගොඩක් දුප්පත් සර්....
සර් කැමතිනන් එන්න.."

මන් හිතුවෙ සල්ලි කාරයෙක්ගෙ පුතෙක් කියල.

ඔව්.
කවදාවත් මගෙන් ෆ්‍රී කාඩ් ඉල්ලල නෑ...
කවදාවත් පරක්කු වෙලා ක්ලාස් පීස් දීල නෑ.
පිළිවෙලට අඳිනව..
ඒත් ගෙදර..?

යශිත ගෙට යන දිහා බලන් මං ඉද්දි
ගේ ඇතුලෙන් ගෑනු කෙනෙක් එළියට ආව..

"එන්න සර්.. අනේ මන්ද සර්ට ඉඳගන්නවත් හරියට.."

"කමක් නෑ අම්මෙ.."

"අපි ගොඩක් දුප්පත් සර්.. දුක් විඳල තමයි ළමයි දෙන්නට උගන්වන්නෙ. මේ දෙන්නට උගන්නල ඉවර වෙලාම ගේ ඩිංගක් හදාගන්නවා"

පොඩි කාමරයක් තිබ්බ.....

සාලෙ ලොකු පොත් මේසයක් තිබ්බ...

පුටු දෙකක් තිබ්බ...

ඒකෙ කොහොමද හතර දෙනෙක් ඉන්නෙ.

මං කල්පනා කලා..

අලුත්ම අලුත් අඬු කෝප්පෙක තේ එකක් අරන් බිස්කට් එකක් එක්ක පොඩි කෙල්ලෙක් එළියට ආව..

"යශිතගෙ අක්කද.."

"ඔව් සර්.."

"යශිත කිව්ව මෙඩිසින් සිලෙක්ට් උනා කියල.."

"රෑන්ක් එක දහය සර්.. "

"ෂ.. නියමයිනෙ.. "

තාමත් හිතාගන්න බෑ.

මෙච්චර දුප්පත් පවුලක කෙල්ලෙක් දිස්ත්‍රික් රෑන්ක් එක දහය දාල.

"සුදු නෝනා.. කෙල්ලෙ.."

"අප්පච්චි.."

මගෙ පපුව නැවතුන.
කකුල් පන නැති උනා.
හිඟන්නා..
ඔව් ඒ හිඟන්නා..
දොරෙන් ඇතුළු වුනා.
මට ඉබේටම පුටුවෙන් නැගිටුනා.

"සර් මේ මගෙ අප්පච්චි.. "

ඒ අතේ ආප්ප වගයකුයි වඩේ ටිකකුයි තිබ්බ..
ඒත් ඔහු බය වුනෙ නෑ.
ගොඩක් යටහත් පහත්ව මා එක්ක හිනා වුනා.

"සර්.. "

"අයියද යශිතගෙ අප්පච්චි.."

ඉබේටම කියවුනා.
කොහොම නොකිය ඉන්නද..
මේ ඒ හිඟන්න.
දෙයියනේ...

අර පාරවල් ගානෙ මහ ගිණි අව්වෙ හිගා කන හිඟන්නා..

ඒ හිඟන්න..

දාහක් දෙනාගෙන් බැනුම් අහ අහ
අපවාද විඳ විඳ තනියම දරාගෙන
මා එක්ක හිනා වෙන
මේ ඒ හිඟන්න..

"සර් මාව දැකල තියෙනවනෙ..
හිඟාකාල තමයි කෙල්ලව විභාගෙ පාස් කෙරෙව්වෙ සර්.. කොල්ලවත් කොහොම හරි ඉන්ජිනේරුවෙක් කරන්න ඕනෙ.
මේ කරුමෙන් උන් දෙන්න ගැලවෙන්න ඕනෙ සර්.."

අමාරුවෙන් ඒ ඉදිමුනු කකුල උස්සල තියද්දි
අර කෙල්ලගෙ කම්බුල් දිගේ කදුළු ගැලුවා..

"සුදු නෝනා.. සර්ට තේ එකක් දෙන්න පුතේ. "

"දුන්න අප්පච්චි.."

"මගෙ කොල්ලට කොහොම හරි ගණන් වලට A එකක් අරන් දෙන්න සර්. මෙයාට ඕනෙ පොත් ටික කියන්න සර් මන් ගෙනත් දෙන්නන්.. "

මගෙ දිහා බලාගෙන බැගෑපත්ව ඔහු කිව්ව..

හිඟන්නෙක්!

ඌ හිඟන්නෙක්!

තාත්තෙක්!

වෛද්‍යවරියකගෙ
ඉන්ජිනේරුවෙක් වෙන පුතෙක්ගෙ
අනාගතේ වෙනුවෙන් හිඟා කන

ආඩම්බර තාත්තෙක්!

💔

- -
(එක එක ගොබ්බයෙක් කරන එයක්නිසා සෑම මනුස්සයෙක්ම එක හා සමානව සිතන්න එපා..

-Copied-

               #ස්වර්ණපාලි
03/05/2021


#ස්වර්ණපාලි

Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණපාලි/Swarnapali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share