09/11/2025
හයිවේ යන අයටයි මේ කතාව.
මේ කියන්නෙ සගගහන ඇත්ත..
ඒ නිසා හයිවේ එකේ යන ඔයා, ඔයාගෙ මහත්තයා,
ඔයාගෙ නෝනා,
පුතා,
හිතවතා,
දරුවා,
මේක දැනගන්න එක හොඳයි..
ඇල්ලෙ අනතුරට කලින්ම මම පල්ලමකදි පරිස්සම් වෙන හැටි කිව්වා.
මිලියන ගානක් කියෙව්වා.
ලක්ෂ ගාණක් ශෙයා උනා.
හැබැයි පිලිපැද්දෙ නෑ.
අනතුරෙන් පස්සෙ ඒක ආයෙ දැම්මා.
ආයෙ මිලියන ගානක් කියෙව්වා.
ඇල්ලෙ රියදුරා ඒක දැනන් හිටියානම් අදටත් ඒ මිනිස්සු ජීවතුන් අතර.
හෙටත් එකෙක් ඒ වරදම කරලා පල්ලමකට දෙරිගහයි..
මේ වෙන එකක්..
වහිනවා නේද ..🌧️
හයිවේ එකේ දවස ගානෙ අනතුරු නේද.
බොහොම හොඳට යන වාහනේ එක පාරට ස්ටීරියන් වීල් එකේ කඳ මැදින් කඩලා දැම්මා වගේ පාලනය නැතිවෙනවා. එවෙලෙට එකපාරට කකුල යන්නෙ බ්රේක් එකට. .. මොන බ්‍රේක්ද ඒ පැඩ්ල් සේරම මගින් කැඩිලා වගේ, ඒ එකක්වත් අපි කියන එක අහන්නෙ නෑ. වාහනේ හරියට පාර දිගේ පාවෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. බැරි වෙලාවත් ඒ වෙලාවට එකපාර බ්රේක් එක වැදුනොත් වැඩේ තවත් දරුණු වෙනවා.
අවසානයේ ජීවිත බිලිවෙන, ආබාධිත වෙන මාරක අනතුරක්..
හැම වැස්සටම හැම වෙලේම මෙහෙම වෙන්නෙ නෑ. ඔයාට ඒ අත්දැකීම ලැබෙන්නෙ එක වතාවක් වෙන්න පුලුවන්.
ඒ එකම එක වතාව ඔයාගෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ ආදරණීයන්ගෙ අවසාන ජීවන අත්දැකීම වෙන්නත් පුලුවන්.
බොහොමයක් වෙලාවට මේකට හේතු වෙන්නෙත් ඇල්ලෙ අනතුර වගේම නොදැනුවත් කම.
වැස්සට පාරෙ මොකද වෙන්නෙ.
මේකට සෘජු හේතු කීපයක් තියෙනවා. එකින් එක බලමු..
පළවෙනි සහ ප්‍රධාන හේතුව තමා "Hydroplaning"
හොඳට තේරුම් ගන්න
සාමාන්‍යයෙන්, ටයර් වල කට්ට රටා (tread) නිර්මාණය කරන්නෙ ටයර් එක යටට එන වතුර එළියට තල්ලු කරලා දාන්න පුලුවන් විදියට ඒත්
🔹තද වැස්සකදි,
🔹එහෙමත් නැත්නම් වේගෙන් යද්දි
🔹ටයර් වල හුළං අඩුනම්,
🔹ටයර් ගෙවිලා නම්,
🔹පාරෙ වතුර පිරුණු ප්‍රදේශයක් එකපාරට අහුවෙනවානම්, ටයර් යටට එකතුවෙන වතුර ප්‍රමාණය වැඩි වෙනවා, එතකොට ටයර් කට්ට රටා වලට වතුර ඉවත් කරගන්න වෙලාව මදි නිසා, පාර සහ ටයර් අතර වතුර තට්ටුවක් ඇතිවෙලා, ටයර් සහ පාර අතර සම්බන්ධය අහිමි වෙනවා. යන වේගෙන්ම වාහනය පාලනයෙන් මිදිලා පාවෙන්න පටන් ගන්නවා. පැයට කිලෝමීටර් සීයකට වඩා වේගෙන් පාවෙන් වාහනයක් ගැන හිතාගන්න පුළුවන්ද බලන්න.
මේක වලක්වා ගන්න නම්
🔹 ටයර් වල හුළං නියමිත මට්ටමේ තියාගන්න
🔹 වතුර පිරුනු ප්‍රදේශ ගැන අවධානය තියාගන්න (දක්ෂිණ අඩිවේගයේ ඒ වගේ තැන් ගොඩක් තියෙනවා)
🔹 ටයර් කට්ට නියමිත තත්වයේ පවත්වා ගන්න උත්සාහ කරන්න (ලංකාවෙ ටයර් මිල එක්ක මේක නම් ගොඩක් අයට අමාරුයි 😢 )
ඔය කියපු දේවල් වලින් එකක් හෝ සම්පූර්ණ නැත්නම්
❌ වේගෙන් යන්න එපා.
දෙවෙනි හේතුව හැමෝම දන්නවා, ඒ තමා තෙල්, ග්‍රීස්, දූවිලි, වතුර එකතු වෙලා පාරේ සහ රෝද අතර ඝර්ෂණය අඩු වීම.
(Reduced friction)
සෑම වාහනයකම රෝද සහ පාර අතර “ඝර්ෂණ බලය” (friction) එකක් තියෙනවා. ඒ ඝර්ෂණය තමා වාහනේ නවත්වන්න හෝ හරවන්න දායක වෙන්නේ. අපි දාගෙන ඉන්න සපත්තුවේ ඝර්ෂණය නැති උනොත් අපි බිම වැටෙනවා වගේ තමා.
වහින වෙලාවට මේකට හේතු ගොඩයි වහින වෙලාවට වැටෙන වතුර එක්ක වාහන වලින් වැටුණු ඔයිල්, කාබන්, පාරෙ දූවිලි එකතු වෙලා පාර මතුපිට අවදානම් තට්ටුවක් නිරමාණය වෙනවා. මේවායින් වෙන්නෙ පාරෙ ඝර්ෂණය අඩු වීම. ඒ නිසා තමා තද වැස්සටත් වඩා වැස්ස පටන් ගත්තු ගමන්ම පාරෙ අවදානම වඩා වැඩි වෙන්නෙ.
තුන් වෙනි හේතුව බ්රේක් පෑඩ්, ටයර් තත්ත්වය, හා “traction control system” වල ගැටලු.
වතුර සහ ඔයිල් එකතුවීම නිසා බ්රේක් පද්ධති වල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා.
තව හේතු තියෙනවා.
වැස්ස නිසා දර්ශන අපහැදිලි වීම, අවධානය ගිලිහීම වගේ දේවල්.
ඒත් ඔයාල දැනටමත් ඒවා දන්න නිසා කියන්න යන්නෙ නෑ.
ඔයාගෙ වාහනය මොන තරම් අළුත් එකක් උනත්
නවීනම තාක්ෂණය පාවිච්චි වෙන එකක් උනත් ඕනම මොහොතක මේක වෙන්න පුලුවන්..
මේ කතා කරන්නෙ අත්දැකීම්. මේක මට උනා. වාහනේ කැරකුනා. පාර උඩ පා වුනා. ඔයා මොන වැඩ්ඩා උනත් කරන්න කිසිම දෙයක් නෑ. සොරිම තමා. අවසාන මොහොතෙ වාසනාවට වාහනේ මගේ පාලනයට අහුවුනා. කලබල නොවුනු නිසා අනූනවයෙන් බේරුනා.
ඒ නිසා
🔹වතුර මැදදී වාහනය පාලනයෙන් මිදුනොත් එකපාර බ්රේක් කරන්න එපා, වාහනය පාලනය කරගන්න මහන්සි වෙන්න ටයර්ට පාරට නැවත සම්බන්ධ වෙන්න වෙලාව දෙන්න.
ශෙයා කරලා කට්ටියව දැනුවත් කලොත් ඒ පණිවුඩය ලැබෙන්නෙ සමාජයට, මට නෙමේ..
කොමෙන්ට් කලොත් ලයික් කලොත් ආං ඒකෙ සතුට මට....
උපුටාගැනීමකි
Sameera Tharindu Bopage