29/03/2024
රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුණ නමයි
උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි 🙂🙂🙂
අද ශළෙල් බබා No01 සරදියෙල් ගම්මානයේ සිට..💙💙💙
රැජිණිවත් හම්බෙලා තිබ්බා ඉතින්.. දම් දම් 💜💜💜
-------------------------------------------------
දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සරදියෙල් යනු බ්‍රිතාන්‍ය ලංකාවේ ලංකාවේ කල්ලි නායකයෙකු මෙන්ම ජාතික වීරයෙක් විය. සමහරුන් විසින් ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුනු කැරැලිකාරුවෙකු ලෙසද සමහරුන් ඔහු නොපනත් මංපහරන්නෙකු ලෙසත් දකී..
ඔහු විසින් කොල්ලකෑ බොහෝ වස්තුව, සරදියෙල් විසින් දුප්පතුන් අතර බොදා දෙන ලද අතර, කිසිවිටෙක ඔවුන්ගෙන් සොරකම් නොකලේය. මෙය නිසා "ලංකා රොබින්හුඩ්" ලෙසින් ඔහු හැඳින්විණි. ඔහුගේ ආක්‍රමණ වලින් බොහෝමයක් එල්ලවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ එහි ඉහළ හා මධ්‍යම මට්ටම්හී වැජඹෙමින් ධනය රැස් කර ගත් යටත්විජිත පරිපාලනයේ ස්වදේශීය ආධාරකරුවන් වෙත බැවින්, දුගී ගම්වැසියන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගැනුමට ඔහු සමත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත බවත්, සරදියෙල් යනු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසූවකු මිස මංපහරන්නෙකු නොවන බවත්, බොහෝ දෙනා සලකති.
***************************************************
සරදියෙල් ගම්මානය - උතුවන්කන්ද
මහනුවර - කොළඹ මාර්ගයේ පැමිණෙන විට, උතුවන්කන්ද මංසන්දියෙන් වමට හැරී, කිලෝ මීටරයක් පමණ ගිය විට සරදියෙල් ගම්මානය මුණ ගැසේ.
අක්කර හයක භූමිභාගයකින් සමන්විත සරදියෙල් ගම්මානය 2012 ජනවාරි 29 වැනි දින මහජනතාවට විවෘත විය. මෙහි නිරමාතෲවරයා වන්නේ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාය.
සරදියෙල්ගේ ජීවන ගමනේ වැදගත් සංධිස්තාන, මූර්ති ලෙස තනා ඇල්තේ මිල්ටන් ජයපාල මහතාය. සරදියෙල්ගේ ජීවිත කතාව අළලා මෙම ගම්මානය නිර්මාණය කර තිබේ.
1832 මාර්තු 25 වන දින උපන් සරදියෙල් සමාජ සාධාරණත්වය වෙනුවෙන් අභීතව පෙනී සිටියෙකු ලෙස ප්‍රකටය.
ඔහුගේ රණකාමීත්වය සහ සමාජ සාධාරණත්වය සඳහා සටන්කාමීත්වය එකල සුදු වැවිලිකරුවන්ට පමණක් නොව යටත් විජිත ස්වාමීවරුන්ටද බරපතල හිසරදයක් විය.
කෙසේ වෙතත් සුදු අධිරාජ්‍යවාදී පාලකයින් විසින් ඝාතනයට ලක් කළ සරදියෙල් අදත් මෙරට පොදු ජනතාවගේ හදවත් තුළ ජීවත්වන්නේ සූර සරදියෙල් ලෙසිනි.
𝙎𝙝𝙖𝙡𝙚𝙡 𝙎𝙪𝙥𝙚𝙧 𝙀𝙭𝙥𝙧𝙚𝙨𝙨 - 𝘽𝙞𝙣𝙜𝙞𝙧𝙞𝙮𝙖💙
💙🚀92 පාරේ චාම් හැඩකාර ජෙට් එක💙🚀
𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙎 ÷ 077 8 666 907 / 077 42 41 620
𝓕𝓸𝓵𝓵𝓸𝔀 𝓤𝓼 𝓸𝓷 𝓢𝓸𝓬𝓲𝓪𝓵 𝓕𝓵𝓪𝓽𝓯𝓸𝓻𝓶
👇👇👇👇👇
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 𝙇𝙞𝙣𝙠 ÷ https://www.facebook.com/profile.php?id=100063482786735&mibextid=ZbWKwL
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙂𝙧𝙤𝙪𝙥 𝙇𝙞𝙣𝙠 ÷ https://chat.whatsapp.com/LfVKM5VENUQ2yru0Tb6k77
𝙏𝙞𝙠𝙏𝙤𝙠 𝘼𝙘𝙘𝙤𝙪𝙣𝙩 𝙇𝙞𝙣𝙠 ÷ https://www.tiktok.com/
𝔖𝔥𝔞𝔩𝔢𝔩 𝔖𝔲𝔭𝔢𝔯 𝔈𝔵𝔭𝔯𝔢𝔰𝔰 - 𝔅𝔦𝔫𝔤𝔦𝔯𝔦𝔜𝔞
📸 darmapriya