05/05/2025
"උප දුම්රිය ස්ථානාධිපතිවරුන් පිලිබදව රිට් පෙත්සමට ජනපති ඇතුලු වගඋත්තරකරුවන් 13 ක් නම් කරමින් අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..."
උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සම්බන්දයෙන් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ගරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමක් අද දින පෙරවරු 10.00 ට මුල් දින කැදවීමෙන් අනතුරුව, එහි කරුණු සලකා බලා වග උත්තරකරුවන් 13 දෙනෙකු නම් කරමින් නොතීසි නිකුත් කෙරිණ.
මුදල් අමාත්‍ය ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන, කලමණාකරණ සේවා අධ්‍යක්ෂක ජනරාල් විමල් එස්.කේ.ලියනගම, අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ජූඩ් නිලුක්ෂාන් , විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ.පෙරේරා, ප්‍රවාහන අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (දුම්රිය පාලන) සුදත් රත්නවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.එච්.අභයරත්න, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, ආයතන අධ්යක්ෂ ජනරාල් එච්.ඒ.චන්දන කුමාරසිංහ හා නීතිපතිවරයා යන වග උත්තරකරුවන්ට එලෙස අද දින නොතීසි නිකුත් කෙරිණ.
පසුගිය වසරේ සැප්තැම්බර් 05 දිනැතිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ රිට් පෙත්සමේදී, තවදුරටත් සහන සහ කරුණු වැඩිදුරටත් දක්වමින් පෙත්සම සංශෝධනය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ලද නියෝගයකට අනුව, එදින පෙත්සම අවසන් කර තිබිණ.එබැවින් , අදාල පෙත්සම වැඩිදුරටත් කරුණු දක්වමින් අද දින මුල්වරට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.