15/03/2026
🚨 Fuel Pass QR පද්ධතිය අද සිට ක්‍රියාත්මකයි
වර්තමානයේ ලෝක වශයෙන් ඉන්ධන සැපයුම් පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයත්, රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් හේතුවෙන්, සාධාරණ සහ පාලිත ඉන්ධන බෙදාහැරීමක් සුරක්ෂිත කිරීම සඳහා ජාතික Fuel Pass QR පද්ධතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
⛽ ක්‍රියාත්මක වන දිනය:
📅 2026 මාර්තු 15
⏰ පෙ.ව. 6.00 සිට
❗ වලංගු QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් නොකෙරේ.
👉 ඔබගේ QR කේතය ලබාගන්නේ කෙසේද
1️⃣ ඔබ පෙර ලියාපදිංචි වී තිබේ නම්:
• ඔබගේ වාහන හිමිකාරත්වය හා ජංගම දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, අද මධ්‍යම රාත්‍රියෙන් පසු පහත වෙබ් අඩවියෙන් ඔබගේ QR කේතය ලබාගත හැක.
🔗 : https://fuelpass.gov.lk
• වාහන හිමිකාරත්වය හෝ ජංගම දුරකථන අංකය වෙනස් වී ඇත්නම්, හෙට පෙ.ව. 6.00 සිට නැවත ලියාපදිංචි වන්න.
2️⃣ ඔබ පෙර ලියාපදිංචි වී නොමැති නම් හෝ නව වාහනයක් ලියාපදිංචි කර තිබේ නම්,
📅 2026 මාර්තු 15 පෙ.ව. 6.00 සිට
පහත වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතුය.
🔗 : https://fuelpass.gov.lk
📊 සතිපතා ඉන්ධන කොටස :
• මෝටර් සයිකල් – ලීටර් 5
• ත්‍රිරෝද රථ – ලීටර් 15
• මෝටර් කාර් – ලීටර් 15
• වෑන් – ලීටර් 40
• බස් – ලීටර් 60
• භූමි වාහන – ලීටර් 25
• විශේෂ කාර්ය වාහන – ලීටර් 40
• Quadricycle – ලීටර් 5
මෙම පද්ධතිය හඳුන්වා දී ඇත්තේ අනීතික ලෙස ඉන්ධන ගබඩා කිරීම වැළැක්වීමටත්, රට පුරා අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සාධාරණ ලෙස ඉන්ධන බෙදාහැරීම සහතික කිරීමටත් ය.
🇱🇰 වගකීමෙන් ඉන්ධන භාවිතා කරමින් රටට සහාය දක්වමු.
🚨 Fuel Pass QR System Activated from Today
Due to the current global fuel supply uncertainties and the unusually high fuel demand within the country, the Government has decided to re-implement the National Fuel Pass QR System to ensure fair and controlled fuel distribution.
⛽ Effective from:
📅 15 March 2026
⏰ 6.00 AM onwards
❗ Fuel will NOT be issued without a valid QR Code.
👉 How to get your QR Code
1️⃣ If you already registered previously:
• If your vehicle ownership and mobile number remain unchanged, you can download your QR code from midnight today via
🔗 : https://fuelpass.gov.lk
• If your vehicle ownership or mobile number has changed, please re-register from 6.00 AM tomorrow.
2️⃣ If you have not registered previously or have a newly registered vehicle, you must register from 6.00 AM on 15 March 2026 at
🔗 : https://fuelpass.gov.lk
📊 Weekly Fuel Quota (Examples)
• Motor Cycle – 5L
• Three Wheeler – 15L
• Motor Car – 15L
• Van – 40L
• Bus – 60L
• Land Vehicle – 25L
• Special Purpose Vehicle – 40L
• Quadricycle – 5L
The system is introduced to prevent illegal fuel hoarding and ensure fair distribution while maintaining essential economic activities across the country.
🇱🇰 Let’s support responsible fuel usage and ensure smooth operations for everyone.