27/09/2024
🛑 ගාලු කොටුව දොරටුව හරි විදියකට ආයෙත් අරිමුද
විදිමත් අධ්‍යයනයකින් තොරව one way නීතිය ක්‍රියාත්මක කිරීම නිසා නොබෝ දිනකින් ඇද වැටීමට ආසන්නව සුසුම් හෙලන ගාල්ල කොටුවේ පරණ කොටු දොරටුව.🥲
👌ලෝක උරුම ගාල්ල කොටුව අක්කර 84 ක වපසරියක් සහිත භූමියකි.
👌එකී අක්කර 84 වටා යුධ අට්ටාල 14 කින් යුතු කොටු බැම්මක් ඉදි වී ඇති අතර කිලෝමීටර 2.5 ක් දිගින් එම කොටු බැම්ම සමන්විත වෙයි.
👌ගාලු කොටුව ඇතුළත ජාලාකාර රටාවකට නිර්මාණය වූ වීදි පද්ධතියක් ඇති අතර ආසන්න වශයෙන් එකී වීදි වල සමස්ත දිග කිලෝමීටර 15 ක් පමණ වෙයි.👇
//රැජින වීදිය, ලේන්බාන්වීදිය, පල්ලියවීදිය, රෑම් පාට් වීදිය, ප්‍රදීපාගාර වීදිය, පෙඩ්ලර් වීදිය, පරවා වීදිය, චැන්ඩෝ වීදිය,සුධර්මාලය වීදිය, මැදවීදිය නව පටු මග එක /දෙක, කුඩා මෝදර බායිවීදිය සුධර්මාලය වීදිය, සහ වෙනත් ඇලී වීදි සහිතව ගාලු කොටුවේ නගරය නිර්මාණය වී ඇත.
👌 සියලුම වීදි පිහිටා ඇත්තේ ජාලාකාරව නිසා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කෙටි මාර්ග භාවිතා කරමින් පා ගමනින් තමන්ගේ ගමනාන්තයන්ට ළඟාවිය හැකි වීම මෙම පෞරාණික නගර නිර්මාණ සැලසුමේ විශේෂ ලක්ෂණයකි.
🖐️
පසුගිය මාස කිහිපයක සිට ගාල්ල කොටුව තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එකී රථවාහන සැලැස්මට අනුව කොටුව ඇතුළත ඇතැම් වීදි One way ලෙස නම් කර ඇත.
ඒ අනුව කොටුවට ඇතුළුවන සියළුම වාහන මෙකී පැරණි දොරටුවෙන් ඇතුළු කිරීමට තීරණය කර ඇත.
🖐️
👌මෙම ඡායාරූපය ගන්නා විට වෙලාව පෙරවරු 06 පමණ වේ.
😳සාමාන්‍යයෙන් සතියේ දිනක මෙකී ඡායාරූප ගන්නේ නම් පෙරවරු 6.30- 7.30 අතර පැරණි දොරටුව හරහා වාහන 2500 කට වැඩි ප්‍රමාණයකුත් පෙරවරු 7.30 - 9.30 අතර කාල සීමාව තුළ ගාලු කොටුවට වාහන දෙදහකට ආසන්න ප්‍රමාණයකුත් ඇතුළු වනු නිරීක්ෂණය කල හැකිය.
ඒ අතර බන්ධනාගාර බස් රථ හමුදා කඳවුරට පැමිණෙන විශාල ප්‍රමාණයේ රථවාහන එසේම ඉන්ධන ගැනීම සඳහා පැමිණෙන විශාල ප්‍රමාණය රථද මෙලෙස පරණ දොරටුවෙන් ඇතුළු වනු දැකිය හැකි වෙයි.
🖐️
එහෙත්
මෙකී රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර එම වාහන තොගය වෙන් වෙන් වශයෙන් පැරණි දොරටුවත් නව දොරටුවත් භාවිතා කරමින් ඇතුළු විය. එනිසා වර්තමානයේ මෙන් කොටුවට ඇතුළුවන වාහන වෙන් වෙන් වශයෙන් කොටුවට ඇතුළු වීම නිසා එක් දොරටුවකට පමණක් වැඩි බලපෑමක් ඇති නොවුණි.
🖐️
එහෙත් පසුගිය මාස කිහිපයක සිට පැරණි දොරටුව පමණක් ගාලු කොටුවට ඇතුළු වීම සඳහා වෙන් කිරීම නිසා දිනකට රථවාහන 7000 ආසන්න ප්‍රමාණයක් මෙම පැරණි දොරටුව හරහා කොටුවට ඇතුළුවේ.
🖐️
ගාලු කොටුවේ පැරණි දොරටුව ඉදිකරනු ලැබුවේ පෙරදිග ඉන්දීය ලන්දේසි වෙළඳ සමාගම විසින් ස්වකීය ගබඩා ගොඩනැගිල්ල හරහාය.ඒ වර්ෂ 1669 දීය.
👌19 වන සියවසේ මුල් අවදියේ මෙම දොරටුව ප්‍රසාරණය කොට බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සංවර්ධනය කරන ලදී.
එහෙත් විශේෂත්වය වන්නේ මෙය වෙනත් ප්‍රදේශවල ආරුක්කු මෙන් ගලින් තැනු ආරුක්කුවක් නොවීමයි.
මෙම දොරටුව සකස් කර ඇත්තේ ලංකාවේ පැරණිම දිගම ගොඩනැගිල්ල වන පෙරදිග ඉන්දීය ලන්දේසි සමාගමේ ගබඩා ගොඩනැගිල්ල හරහාය.
👌ඇතුළුවන දොරටුවට ඉහළින් දක්නට ලැබෙන්නෙ බාල්ක සහිත දැව සොල්දරයකි.
එම සොල්දරය සහිත ගොඩනැගිල්ල වර්තමානයේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් භාවිතා කරයි.
දිනකට රථ වාහන 7000 වඩා වැඩි ප්‍රමාණයක් මෙම දොරටුවෙන් ඇතුළු වන විට එකී දැව බාල්කවලට, එකී දැව ලෑලි වලට ,එකී කොරල් බිත්ති වලට සහ ගඩොල් ආරුක්කු වලට සිදුවන හානිය අමුතුවෙන් කිව යුතු නොවේ.
🖐️
ඇතැම් අවස්ථාවලදී මෙකී දොරටුව හරහා ඇතුළුවන රථ වාහනවල ගැටීමෙන් මෙකී ආරුක්කුව පළුදු වුණ ආකාරයද හඳුනාගත හැකිය.
🖐️
දවසකට රථ වාහන 7000 වැඩි ප්‍රමාණයක් ගාලු කොටුවට ඇතුළු වන නිසා මෙම පැරණි ස්මාරකයට වන හානිය සිතා ගත හැකිය.
👌ඇත්ත වශයෙන්ම ගාලු කොටුව සඳහා සුදුසු රථවාහන සැලැස්මක් සකස් විය යුතුමය.
🖐️
එහෙත් එම රථ වාහන සැලැස්ම මේ ක්‍රමයට ක්‍රියාත්මක වීම ගැටලු සහගතය.
👌පැරණි දොරටුව හරහා පමණක් සියළුම රථවාහන ඇතුල්වීම නිසා ගොඩනැගිල්ලට වන හානිය සුළු පටු නොවේ.
👌පැරැණි බල්ක වලට හානි සිදුවීම පැරණි දැව තට්ටුවට හානි සිදුවීම පැරණි ගඩොල් ආරුක්කුවලටද හානි සිදුවීම පැරණි කොරල් බිත්තිවලට හානි සිදුවීම කිසි වෙනකොට නතර නතර කළ නොහැක.
👌අනෙක් කරුණ වන්නේ ගාල්ල කොටුව ලංකා බැංකුවට පිවිසෙන කෙනෙකුට බැංකුව පෙනි පෙනී තිබියදී කිලෝමීටර එකහමාරකට ආසන්න දුරක් ගෙවා එම ස්ථානය වෙත ළඟා වීමට සිදුවීමයි.එය විහිළු සහගත ප්‍රතිපලයකි
👌මේ ආදී වශයෙන් ගාල්ල කොටුවේ වර්තමාන රථවාහන සැලැස්ම නිසා මතුවී ඇති ගැටලු ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය.
👌එම ගැටලුවට කුමන මට්ටමේ උත්තර තිබුනත් පැරණි දොරටුව හරහා වාහන ඇතුළු වීම නිසා පැරණි දොරටුවටත් ගොඩනැගිල්ලටත් වෙන හානිය වැළැක්විය නොහැක.එයට උත්තර නැත..ආරුක්කු බුරුල් වී කඩා වැටුණොත් අඬා දොඩා චෝදනා කර වරද පටවා පලක් නැත.
🖐️
එසේ නම් සිදු කළ යුත්තේ කුමක්ද...???
👇
👌දිගුකාලීන විසඳුමක් වශයෙන් කවදා හෝ දිනක ගාලු කොටුව රථ වාහන වලින් තොර කලාපයක් බවට පත්විය යුතුය.
👇
නිවාස හිමියන්ටත් ව්‍යාපාරිකයින්ටත් ස්වකීය රත නතර කර ගැනීම සඳහා අවශ්‍ය රථ ගල් පහසුකම් ගාලු කොටුව තුළ ස්ථාපනය කළ යුතුය.
විශේෂයෙන්ම අභ්‍යන්තර වීදි පද්ධතිය පහසුවෙන් ඇවිදගෙන යාමට හැකි ආකාරයෙන් සකස් විය යුතුය.
🖐️
එහෙත් දැනට මතුවී ඇති ගැටළුවට කඩිනම් විසඳුමක් වශයෙන් සහ පැරණි කොටු දොරටුවට වන හානිය වළක්වා ගැනීම සඳහා කළ යුතු වන්නේ පැරණි දොරටුවත් නව දොරටුවත් නැවත පෙර පෙර පරිදිම පැමිණීමට සහ පිටවීමට විවෘත කිරීමයි.
👌එමගින් පැරණි දොරටුවට රථවාහන වලින් හානි වන හානිය අර්ධයක් අඩුවනු ඇත.
👌මෙම වෙනස්කම කිරීමෙන් කොටු දොරටුව හරහා කොටුවට ඇතුළු වන රථවාහන ගණන තුන්දාහක් දක්වා අවම කරගත හැකියි.
👌කෙසේ වෙදත් කෙදිනක හෝ මෙම දොරටු රථවාහන ඇතුළු වීම සඳහා භාවිතා නොකරන දොරටු ලෙස වෙන්කර තැබිය යුතුයි.
🖐️
වර්තමානයේ ගාලු කොටුවට ඇතුල්වීම සඳහා භාවිතා කරන පැරණි දොරටුවේ දෙපස බ්‍රිතාන්‍ය ලාංඡනයත් පෙරදිග ඉන්දීය ලන්දේසි වෙළඳ සමාගමේ ලාංඡනයත් ඉදිකර ඇත.
පෙරදිග ඉන්දීය ලන්දේසි වෙළඳ සමාගමේ ලාංඡනය ගලින් සකස් කර ඇති අතර
බ්‍රිතාන්‍ය ලාංඡනය සකස් කර ඇත්තේ හුණු බදාම වලිනි.
👌තව මාසයක් යන්නට මත්තෙන් රථ වාහන වලින් ඇතිවන දෙදරීම නිසා මෙකී හුණු බදාම ගැලවී කඩා වැටීම කාටවත් වැළැක්විය නොහැකිය.
👌එබැවින් රථවාහන සැලසුම් සකස් කරන පිරිස මෙකී සුවිශේෂී ජාත්‍යන්තර වටිනාකමක් සහිත ලෝක උරුමයක් ලෙස ප්‍රචලිත වූ මෙකී ස්මාරකයේ වටිනාකම ආරක්ෂා කරගත යුතුය.
එය ගාල්ල අපේ පමණක් නොව රටේ ද ලෝකයේද සම්පතකි.
🖐️
නැවත වාරයක් පැරණි දොරටු සහ නව දොරටුව පොදු දොරටු ලෙස භාවිතා කිරීමෙන් වර්තමානයේ ප්‍රජාව මුහුණ දෙන ගැටලු යම් ප්‍රාමාණයකට සමනය කල හැකිය.
👌එසේම පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් පැරණි කොටු දොරටුවේ ආරක්ෂා වීම තහවුරු කරගත හැකිය.
👌ඊට පරිබාහිරව ගාල්ල කොටුවේ රැජිණවීදිය රෝහල වීදිය,පල්ලි වීදියේ කොටසක් සහ රෑම්පාට් වීදිය වාහන ගමනාගමනය සඳහා භාවිතා කිරීමටත්
👌අභ්‍යන්තර වීදි වාහන ඇතුළු නොවන කලාපයන් ලෙස සංවර්ධනය කිරීමටත් වගබලා ගත යුතුය
👌ගාලු කොටුවේ නිවැසියන් සතු ඉතා කුඩා වාහන ප්‍රමාණයක් ප්‍රමාණයක් ස්වකීය නිවාස ඉදිරිපිට ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට නතර කර තැබීමට අවකාශ ලබාදිය යුතුය.
👌ගාලු කොටුවේ හෝටල්වලට පැමිණෙන සංචාරකයින්ට ස්වකීය හෝටලය ආසන්නයටම වාහනයෙන් ගොස් තමන්ගේ කටයුතු නිමකර වාහනය පිටත් කර යැවීමට අවස්ථාව සලසා දිය යුතුය.
👌අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ වාහන ගාල්ල කොටුවේ දැනට හඳුනාගෙන ඇති. රථ ගාල් කිහිපයෙහි නතර සුරක්ෂිතව නතර කර තැබීම සඳහා අවකාශ සලසා දිය යුතුය.
🖐️
එමගින් ගාලු කොටුව සංචාරකයින්ටත් නිවැසියන්ටත් ව්‍යාපාරිකයන්ටත් සුරක්ෂිත ස්ථානයක් බවට පරිවර්තනය වනු ඇත.
ගාලු කොටුවේ වෙළඳ වටිනාකම වර්ධනය වනු ඇත.
👌විවිධ අපචාර ක්‍රියාව ක්‍රියාවන් නිසා ඇතිවන හානිය අවම වනු ඇත.
👌අධික වේගයෙන් ධාවනය කරන රථවාහන නිසා මිනිසුන්ට සිදුවන ක්‍රියාවන් අවම වනු ඇත.
❤
ඉතාම සුන්දර නිහඬ නිස්කලංක සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ගාල්ල කොටුව සංවර්ධනය කිරීමට හැකියාව ඇත.
- තරංග ලියන ආරච්චි තැබූ සටහනක් උපුටා ගැනීමකි
Follow ගාල්ල sri lanka
#ගාල්ලsrilankapage