Sri Lankan Airport Taxi Service

Call Directions Contact the business

Sri Lankan Airport Taxi  Service එයාපෝට් සිට ගෙදර යන්න..🚕.. ගෙදර සිට එයාපෝට් එන්න..🚕..ලංකාවෙ අඩුම මිල.. ඉහලම ආරක්ෂාව..
🇱🇰🇰🇷🇯🇵🇫🇮🇨🇦🇨🇮🇦🇺🇧🇭🇧🇪🇨🇾🇮🇳🇮🇱🇰🇼🇯🇴🇲🇾🇶🇦🇸🇦🇬🇧🇪🇭

🇰🇷 2027 දකුණු කොරියාවේ අවම වැටුප සහ වැටුප් ගෙවීමේ නීති ✅ 2027 අවම පැයක වැටුප: ₩10,700📅 ක්‍රියාත්මක වන්නේ: 2027 ජනවාරි 1 ...
15/07/2026

🇰🇷 2027 දකුණු කොරියාවේ අවම වැටුප සහ වැටුප් ගෙවීමේ නීති

✅ 2027 අවම පැයක වැටුප: ₩10,700
📅 ක්‍රියාත්මක වන්නේ: 2027 ජනවාරි 1 සිට

💰 සාමාන්‍ය වැටුප
• පැයකට – ₩10,700
• පැය 8ක දිනක වැටුප – ₩85,600
• මාසික වැටුප (209 පැය) – ₩2,236,300

📌 අතිකාල (연장근로수당)
• දිනකට පැය 8 ඉක්මවා හෝ සතියකට පැය 40 ඉක්මවා වැඩ කළහොත්,
➡️ සාමාන්‍ය පැයක වැටුප × 1.5 (150%)

👉 අවම වැටුප අනුව:
₩10,700 × 1.5 = ₩16,050 / පැයට

🌙 රාත්‍රී දීමනාව (야간수당)
• රාත්‍රී 10:00 සිට උදේ 6:00 දක්වා වැඩ කළහොත්,
➡️ සාමාන්‍ය පැයක වැටුපට අමතරව 50%
= ₩16,050 / පැයට

⏰ අතිකාල + රාත්‍රී වැඩ එකට යෙදුණොත්
(උදා: රාත්‍රී 10න් පසු පැය 8 ඉක්මවා වැඩ කිරීම)
➡️ සාමාන්‍ය වැටුප × 2.0 (200%)
= ₩21,400 / පැයට

📅 නිවාඩු දින (휴일근로수당)
නීතිය අනුව ගෙවීම වැඩ කරන පැය ගණන අනුව වෙනස් වේ.

✅ පළමු පැය 8 – 150%
= ₩16,050 / පැයට

✅ පැය 8 ඉක්මවා – 200%
= ₩21,400 / පැයට

14/07/2026
🔴කටුනායක Airport එකේදි හැමෝම අහුවෙන රේගු උගුල (Customer Trap) ඔබත් දන්නවාද?කටුනායක Airport එකේදී හැමෝම අහුවෙන "රේගු උගුල...
13/07/2026

🔴කටුනායක Airport එකේදි හැමෝම අහුවෙන රේගු උගුල (Customer Trap) ඔබත් දන්නවාද?

කටුනායක Airport එකේදී හැමෝම අහුවෙන "රේගු උගුල" (Customs Trap) ඔබත් දන්නවාද?

කටුනායක ගුවන් තොටුපළේ රේගු පරීක්ෂණ කවුළුව (Customs) අසලදී ගමන් මල්ලක සිපරය (zipper) වේගයෙන් ඇරෙන සද්දයත්, ඊට පස්සේ ඇහෙන වීදුරු බෝතල් එකිනෙක ගැටෙන හඬත් ඔබ අසා තිබේද? ඒත් එක්කම මුළු පවුලේම මුහුණු පුරා පැතිරෙන මළානික නිශ්ශබ්දතාවය ඇත්තටම ඉතා කටුක අත්දැකීමක්.

වසර ගණනාවකට පසු මව්බිමට පැමිණීමේ සතුට, එක නිමේෂයකින් බියක් සහ ලැජ්ජාවක් බවට පත්වන මෙවැනි අවස්ථා රේගු පරිශ්‍රයේදී නිරන්තරයෙන් දැකගත හැකියි. මේ හැමදේටම හේතුව නීතිය ගැන පවතින නොදැනුවත්කමයි.

🤥සුලභව සිදුවන වැරදීම: එකම බෑගයේ සියල්ල අසුරා තැබීම

හිතන්න, සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් විදේශගතව සිට පැමිණ, තීරුබදු රහිත සාප්පුවෙන් (Duty-Free) තමන්ට නීත්‍යානුකූලව හිමි මත්පැන් ප්‍රමාණය මිලදී ගන්නවා. ඉන්පසු ගමන් කිරීමේ පහසුව තකා, පියා විසින් මේ සියලුම බෝතල් තමන්ගේ විශාල ගමන් මල්ලේ ආරක්ෂිතව අසුරනවා.

ඔවුන් කිසිදු සැකයකින් තොරව "හරිත කවුළුව" (Green Channel) වෙත පියනගන විට, රේගු නිලධාරීන් ඔවුන්ව නවතා පරීක්ෂා කරනවා. එතැනදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ කිසිසේත් අපේක්ෂා නොකළ නීතිමය අර්බුදයකටයි.
කසසෙන අරේකෂා නොකළ නතමය අOණුදියකටය.

🤔මතක තබා ගන්න:
ශ්‍රී ලංකා රේගු නීතියට අනුව, තීරුබදු සහන හිමිවන්නේ සාමූහික පවුලකට හෝ කණ්ඩායමකට නොව, ස්වාධීන තනි පුද්ගලයෙකුට පමණි!

බෝතල් සියල්ලම එකම පුද්ගලයෙකුගේ ගමන් මල්ලක තිබේ නම්, රේගුව සලකන්නේ එම පුද්ගලයා හිතාමතාම නීතිවිරෝධී ලෙස අනුමත සීමාව ඉක්මවා මත්පැන් රැගෙන එන බවයි. බිරිඳ සහ සුදුසුකම් ලත් දරුවන් අසල සිටියත්, වරදකරු වන්නේ එකී ගමන් මල්ල භාරව සිටින පුද්ගලයා පමණි. මෙය හැඟීම්වලට ඉඩක් නොදෙන, දත්ත සහ නීතිය මතම ක්‍රියාත්මක වන තත්ත්වයකි.

🟢නීත්‍යානුකූල සීමාවන් හරියටම දැනගමු

ලංකාවට පැමිණෙන, වයස අවුරුදු 18 ට වැඩි සෑම මගියෙකුටම තීරුබදු රහිතව රැගෙන ආ හැකි උපරිම සීමාවන් මෙසේය:

🥃ස්ප්‍රීතු වර්ග (Spirits / Hard Liquor): ලීටර් 2.5 කි.

🍷වයින් (W**e): ලීටර් 2 කි.

විශේෂ සටහන: වයස අවුරුදු 18 ට අඩු කිසිදු දරුවෙකු සඳහා මෙම තීරුබදු සහනය කිසිසේත්ම හිමි නොවේ.

ස්කෑන් යන්ත්‍ර සහ දැඩි දඬුවම්

නවීන තාක්ෂණය: වර්තමානයේ කටුනායක ගුවන් තොටුපළේ

ඇති නවීන ස්කෑන් යන්ත්‍ර (Scanning Machines) මගින් බෑග් ඇතුළේ ඇති ද්‍රව වර්ග සහ වීදුරු බෝතල් ඉතා පැහැදිලිව හඳුනාගත හැක. එබැවින් රේගුවට හොරෙන් බෝතල් සඟවාගෙන ඒම මිථ්‍යාවකි.

🗝️ රාජසන්තක කිරීම:
අනුමත සීමාව ඉක්මවා රැගෙන එන සෑම මත්පැන් බෝතලයක්ම කිසිදු වන්දි ගෙවීමකින් තොරව රජයට රාජසන්තක කිරීමට රේගුවට පූර්ණ බලය ඇත.

💰දැවැන්ත දඩ මුදල්:
භාණ්ඩවල වෙළඳපොළ වටිනාකම මෙන් තුන් ගුණයක් (3x) දක්වා වූ දඩ මුදලක් පැනවිය හැක. ඔබේ එක සුළු නොසැලකිලිමත්කමකින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් ක්ෂණයකින් අහිමි විය හැකියි.

♻️සරලම සහ ආරක්ෂිතම විසඳුම

ඔබ පවුලක් හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස එකට ගමන් කළත්, සෑම පුද්ගලයෙකුටම හිමි මත්පැන් ප්‍රමාණය ඔවුන්ගේම වෙනම ගමන් මලුවල (Personal Bags) අසුරා ගැනීමට වගබලා ගන්න.

රේගු පරීක්ෂණ කවුළුව පසු කිරීමට ප්‍රථම, අදාළ මත්පැන් බෝතල් ඒ ඒ සුදුසුකම් ලත් සාමාජිකයාගේ අතේ හෝ මල්ලේ පවතින බව ස්ථිරවම තහවුරු කරගන්න. නීතිය නිවැරදිව පිළිපැදීමෙන් ඔබේ ගෞරවය, කාලය මෙන්ම මහන්සි වී හෙව්ව මුදලුත් ආරක්ෂා කරගත හැක.

මීට පෙර ඔබ මෙම ගමන් මලු සහ තීරුබදු නීතිය පිළිබඳව නිවැරදිව දැන සිටියාද?

ඉදිරියට ලංකාවට එන්න ඉන්න හෝ විදේශගත වන ඔබේ හිතමිතුරන් සහ පවුලේ අය දැනුවත් කරන්න.

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,1...
10/07/2026

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕

කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,100 ( මෙම ගමන්වාර Highway 🛣️ ඔස්සේ සිදුවේ)

හම්බන්තොට 26,900 මහනුවර 10,200 කලුතර 9,020 රත්නපුර 10,780 අනුරාධපුර 16,800 කෑගල්ල 7,040 පොලොන්නරුව 19,900 නුවරඑළිය 15,550 පුත්තලම 10,800 දඹුල්ල 13,000 ගම්පොළ 10,500 මාතලේ 12,300 කුරුණෑගල 7,920 මොණරාගල 25,500 අම්පාර 29,000 ත්‍රිකුණාමලය 23,500 යාපනය 36,300.

⁨+94705550075 / +94712408015
( වට්සඇප් සම්බන්ධ වෙන්න)

✈️ ගැබිනි මව්වරුන් සහ වැඩිහිටියන් සඳහා සුරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමනකට වටිනා උපදෙස් 11ක්! ❤️මගේ කලින් post එක බලපු ගොඩක්...
09/07/2026

✈️ ගැබිනි මව්වරුන් සහ වැඩිහිටියන් සඳහා සුරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමනකට වටිනා උපදෙස් 11ක්! ❤️
මගේ කලින් post එක බලපු ගොඩක් අය message කරලා අහලා තිබුණා, pregnant මව්වරුන් සහ වයසක අය flight එකේ එනකොට ප්‍රයෝජනවත් වෙන tips ටිකක් කියන්න කියලා. මම airline industry එකේ වැඩ කරපු කාලය පුරාවටම වැඩිහිටි දෙමාපියන් සහ ගැබිනි මව්වරුන් රැසකට උදව් කරන්න අවස්ථාව ලැබුණා. ඒ experience එකත් එක්ක, ඔයාලගේ ගමන පහසු කරගන්න පුළුවන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
1️⃣ Airline එකේ Pregnancy Policy එක කලින්ම බලන්න:
ඔයා pregnant කෙනෙක් නම්, සාමාන්‍යයෙන් සති 28ට පස්සේ Doctor’s Certificate එකක් (Fit to Fly) ඉල්ලන Airlines තියෙනවා. සමහර Airlines වල සති 36ට පස්සේ travel කරන්න අවසර නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ticket එක book කරන්න කලින් අනිවාර්යයෙන්ම Airline එකේ policy එක තහවුරු කරගන්න.
2️⃣ පහසු Seat එකක් තෝරාගන්න:
ඇවිදීමට සහ වැසිකිළි (washroom) වෙත යාමට පහසු වන නිසා Aisle seat (මග මැද අසුන) එකක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ වැඩිහිටියෙක් නම්, ගුවන් යානයේ ඉදිරිපසට ආසන්න seat එකක් තෝරාගැනීම පහසු වේවි. (සැලකිය යුතුයි: Safety reasons නිසා wheel chair passengers ලට සමහර විට aisle seat එකක් ලබා නොදීමට ඉඩ ඇත).
Special Tip for Pregnant Mothers: ඔබට Seat belt එක තද වැඩි නම්, Cabin Crew එකෙන් 'seat belt extension' එකක් ඉල්ලා ගන්න. එය ඔබේ බඩට සහනයක් වේවි.
3️⃣ Wheelchair Assistance ඉල්ලන්න මැලි වෙන්න එපා:
Airport එක ලොකු නිසා boarding gate එකට යන්න ගොඩක් දුර ඇවිදින්න වෙන වෙලාවල් තියෙනවා. Wheelchair Assistance භාවිතා කිරීම දුර්වලකමක් නෙවෙයි, එය ඔයාලගේ ශක්තිය ඉතිරි කරගන්න සහ ගමන පහසු කරගන්න තියෙන හොඳම ක්‍රමයක්.
Ticket එක book කරන වෙලාවෙම හෝ Airline එකට කලින් දැනුම් දීලා මේ service එක arrange කරගන්න පුළුවන් (සමහර විට මෙය free service එකක් නොවිය හැක).
Transit flight එකක් තියෙනවා නම්, land වුණාට පස්සේ ground staff එක ඇවිත් ඊළඟ boarding gate එක ලඟටම එක්කගෙන යනවා.
Wheelchair assistance ලබාගන්න passengersලාට කලින් boarding ලබාදෙන අතර, Arrival airport එකේදීත් safely භාර දෙනවා.
අමතර වැදගත් කරුණක් (දෙමාපියන් තනියම යනවා නම්): ඔයාලගේ දෙමාපියන් තනියම travel කරනවා නම්, contact details (ඔයාලගේ number එක, ගන්න එන කෙනාගේ details, destination එක) සහ basic English sentences (eg: My final destination is Auckland, I need washroom help) පොඩි paper එකක ලියලා hand bag එකේ දාලා දෙන්න. භාෂාව නොදන්නා නිසා එයාලා අසරණ වෙන එක වැළකෙනවා.
4️⃣ වතුර හොඳට බොන්න:
Flight එක ඇතුළේ වාතය වියළි නිසා dehydration (නිර්ජලනය) වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි පුංචි වාරවලින් වතුර බොන්න.
5️⃣ පැය 1–2කට වරක් ටිකක් ඇවිදින්න:
විශේෂයෙන් long-haul flights වලදී, crew එක service එක නොකරන වෙලාවක aisle එකේ ටිකක් ඇවිදින්න. ඇවිදින්න බැරි නම්, seat එකේ ඉඳගෙන leg exercises කරන්න. (Seat pocket එකේ මේ ගැන guidance තියෙනවා). මේක blood circulation එකට ගොඩක් හොඳයි.
6️⃣ Compression Socks ගැන හිතන්න:
ගැබිනි මව්වරුන්ට සහ වැඩිහිටියන්ට කකුල් ඉදිමීම (swelling) අඩු කරන්න මෙය උදව් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම doctor කෙනෙක්ගෙන් අහලා පාවිච්චි කරන්න.
7️⃣ Medicines Hand Luggage එකේම තියාගන්න:
ඔබගේ සියලුම අත්‍යවශ්‍ය ඖෂධ (Medicines) checked baggage එකේ නෙවෙයි, Cabin bag (hand bag) එකේම තියාගන්න. අවශ්‍ය prescriptions (බෙහෙත් වට්ටෝරු) තිබ්බොත් ඒවත් එක්කම තියාගැනීම වඩාත් සුදුසුයි.
8️⃣ Comfortable (පහසු) ඇඳුම් අඳින්න:
තද ඇඳුම් වෙනුවට ලිහිල්, පහසු ඇඳුම් සහ comfortable shoes අඳින්න. (Please: long flights වලදී ඇඳුම් layer ගණනක් අන්දලා, diapers දාලා එවන්න එපා, washroom යන්න අපහසු වෙලා එයාලා අසරණ වෙනවා. එයාලට පහසු, ලිහිල් ඇඳුමක් අන්දලා එවන්න).
9️⃣ Cabin Crew එකට කලින්ම කියන්න:
Pregnant නම්, හෝ වයස නිසා විශේෂ උදව් අවශ්‍ය නම්, flight එකට නැගපු ගමන්ම Cabin Crew කෙනෙක්ට ඒ බව කියන්න. එතකොට එයාලට පුළුවන් ඔයා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. (නමුත් හැම airline එකෙන්ම එකම විදියේ සේවාවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි).
🔟 Transit එකක් තියෙනවා නම් ඉක්මන් වෙන්න එපා:
පුළුවන් නම් පැය 2–3ක transit time එකක් තියෙන route එකක් තෝරගන්න. ඒක stress එක ගොඩක් අඩු කරනවා.
1️⃣1️⃣ Emergency එකක් ආවොත් කලබල වෙන්න එපා:
Dizziness (කැරකිල්ල), breathing difficulty (ශ්වසන අපහසුතා), pain (වේදනාව) හෝ bleeding වගේ ඕනෑම medical emergency එකකදී, turbulence එකකදී හෝ වෙනත් situation එකකදී Cabin Crew දෙන instructions හොඳින් අහලා ඒ අනුවම වැඩ කරන්න. එයාලා medical emergencies handle කරන්නත් (deliveries ඇතුළුව) හොඳින් training ලබාගෙන ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා.
ඔයා pregnant කෙනෙක් නම් හෝ ඔයාගේ දෙමාපියන් පිටරටකට ගෙන්න ගන්න ඉන්නවා නම්, මේ post එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔයාලගේ experience තියනවා නම් comment එකක එකතු කරන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න.
ඔයාගේ ගමන ලස්සන මතකයක් වෙන්න මේ පුංචි සූදානම ලොකු වෙනසක් කරයි! ✈️❤️

🍗🌶🍆🥭🍑🥝 ගේන්න එපා කිව්වට අහන්නෙ නෑනේ.
06/07/2026

🍗🌶🍆🥭🍑🥝 ගේන්න එපා කිව්වට අහන්නෙ නෑනේ.

02/07/2026
❤️රැල්ලට කවුරු ආවත් ,පාරිභෝගික විශ්වාසය  අංක එක 1.ඔබේ දුරකථනය මගින් නොමිලේ Taxi වෙන්කර ගැනීමටපහත දුරකථන අංකවලට වට්සඇප් ප...
01/07/2026

❤️රැල්ලට කවුරු ආවත් ,පාරිභෝගික විශ්වාසය අංක එක 1.

ඔබේ දුරකථනය මගින් නොමිලේ Taxi වෙන්කර ගැනීමට
පහත දුරකථන අංකවලට වට්සඇප් පණිවිඩයක් ලබා දෙන්න.
+94 70 555 00 75 / +94 71 240 80 15
( whatsapp / imo / Telegram / messenger )

29/06/2026

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕

කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,100 ( මෙම ගමන්වාර Highway 🛣️ ඔස්සේ සිදුවේ)

හම්බන්තොට 26,900 මහනුවර 10,200 කලුතර 9,020 රත්නපුර 10,780 අනුරාධපුර 16,800 කෑගල්ල 7,040 පොලොන්නරුව 19,900 නුවරඑළිය 15,550 පුත්තලම 10,800 දඹුල්ල 13,000 ගම්පොළ 10,500 මාතලේ 12,300 කුරුණෑගල 7,920 මොණරාගල 25,500 අම්පාර 29,000 ත්‍රිකුණාමලය 23,500 යාපනය 36,300.

⁨+94705550075 / +94712408015
( whatsapp / imo / Telegram / messenger )

28/06/2026

ජූනි 29 වන සඳුදා
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් වෙත,
ගුවන් තොටුපළේදී "කුක්මින් සහ තෙජිකොම්" (kookmin and thejikom) ලබා ගැනීමට අවශ්‍ය skyline ටිකට්පත් මිලදී ගත් අය කරුණාකර පස්වරු 2.00 ට පමණ එන්න.

(Counter F)

Address

Katunayaka
Colombo

Telephone

+94705550075

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Airport Taxi Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Airport Taxi Service:

Shortcuts

Share

Category