03/03/2025
වඩුවාවල කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා,
ගිනිහප්පිටිය ගමේ
හැමෝගෙම ආදරණීය ආමන්ත්‍රණය "සර්"
බහුතරයක් වූ අපට හමුවෙන මිනිසුන්ට වඩා ගුණ යහපත්කම, කරුණාවන්තබව, ඉවසීම සමඟ පරිසමාප්ත අර්ථයෙන්ම මනුසත් ගුණාංග පිරි, තම දිවි පෙවෙතටම සරිලන ගෞරවණීය ගුරු වෘත්තිය රැකියාව ලෙස තෝරාගනිමින් ගමට රටට වටිනා සේවයක් කල ඔහු
නොසිතූ මොහොතක හදිසියේ ඇති වූ හෘදාබාධයකින් පෙරේදා (මාර්තු 01)
අළුයම අප අතරින් සදහටම සමු ගත්තේය.
ගිනිහප්පිටිය ජනතාව සමඟ හදවතින්ම බැඳි ලෙංගතුකමකින් දිවි ගෙවූ ප්‍රේමදාස මහතා
තරුණ අවදියේ පටන් ජීවිත ගමන නිම කරන තුරුම
අධ්‍යාපන අංශයේ තම රැකියාව කරමින් සිදු කල මෙහෙවරට අමතරව, නිරන්තරයෙන්ම තම හිතවතුන්, ගම්වාසීන් සමඟ එකතු වී සමාජයේ යහපත පිණිස කටයුතු කල අයෙකි.
සමාජයේ ජීවත්වන බහුතරයක් වූ මිනිසුන්ට වඩා ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී, කරුණාවන්ත ගුණ යහපත්කම් පිරි එනිසාම සුවිශේෂී වූ පුද්ගලයෙකි.
එවැනි යහපත් මිනිසුන්ගේ විරල බව හේතුවෙන් ඔහුගේ හදිසි වියෝවීම ගිනිහප්පිටිය ගම් වාසීන් වන අපට දරාගත නොහැකි ශෝකයකි.
ඊට හේතු වන්නේ එවන් යහපත් මිනිසුන් කාලීන සමාජයේ විරලවීම සහ එවැනි යහපත්කම් ඇති වෙනත් අසල්වාසියෙකු නොමැති වීම සහ අනාගතයේදීවත් එවැනි අසල්වාසියෙකු බිහි නොවන නිසාය.
කෙසේ වෙතත් ,
ඔබ අපෙන් සදහටම වෙන් වී ගොස් අවසන් ය.
ඔබ කල කී දෑ මෙන්ම ඔබ ජීවිතය ගෙවූ ආකාරයට
බොහෝ අයට වඩා ඉක්මනින් ඔබ සසර ගමන කෙළවර කරනු ඇත.
ඒ සඳහා ඔබ ඉක්මනින්ම ධර්මය අවබෝධ කර ගනු ඇත.
මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී, ඔබේ යහපත් වූ ගුණ ධර්මයන් තවත් වර්ධනය කර ගනිමින්,
මතු උපදින හැම භවයකදීම යහපත් ඇසුරම ලැබී තව තවත් ගුණ දහම් වර්ධනය කර ගනිමින් ඉක්මනින් නිවන් අවබෝධකර ගැනීමට ලැබේවා.......!!
කුඩාකල පටන් දශක ගණනාවක මතක සමඟින් ඔබගේ වියෝගය වෙනුවෙන් මෙසේ සංවේදී සංවේගය ප්‍රකාශ කර සිටිමි.
අවසන් කටයුතු අද (03) සවස ගිනිහප්පිටිය පොදු සුසාන භූමියේදී සිදු වේ.
එන්න.....ඔහු ගැන දන්න කියන, ඔහුගෙන් ඉගෙනගත්, නෑදෑ හිත මිතුරන් හැකි සියලු දෙනාම අපෙන් වෙන්වී මිහිදන්වීමට ප්‍රථම ඔහුගේ දේහය දැක බලාගන්න, අවසන් ගෞරවය දක්වන්න...
😢 😭 😢
❤
🕯️