07/09/2025
මේ වගේ අනතුරු වලට මූලිකම හේතුව රටේ පවතින ආර්ථික උද්ධමනය..රටේ සෑම දේයකම මිල ඉහළ යාම.. අසාමාන්‍ය අමතර කොටස් වල මිල ගණන්, අසාමාන්‍ය වාහන මිල.. ඒක නිසා වාහන ආභරණ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට.. මේ කොල්ලා අද මේ බස් එක කොහොම හරි ගියර් වලින් අඩු කරලා හරි කන්දක හප්පලා හරි බස් එකට හානියක් වෙන විදිහට බේරුවනම්.. එක Tv වල පත්තරවල News එකක් විදිහට යයි.. බස් එකේ ගමන් කරපු අයත් හොඳ මිනිස්සු නං ඌට මුදලින් හරි උදව්වක් කරයි ජීවිත බේරුව කියලා හිතලා.❤️. ඒත් ගොඩක් වෙන්නේ අනිත් පැත්ත. උගේ පැත්ත ගන්නේ නෑ.. අපේ රටේ ගොඩක් අය පොරොන්දු උන ගානටත් අඩුවෙන් සල්ලි දෙන්නෙ අවසානේ.. ඌට රස්සාවත් නැති වෙන්න පුළුවන් කවුරුවත් ජොබ් එකක් දෙන්නෙත් නැති වෙන්න පුළුවන්. වාහන පදින්න දන්නේ නෑ. වාහන වලට ආදරේ නෑ බස් එක විනාස කරා කියලා.. 😭😭 පිටරටවල්වල වගේ අවුරුදු දෙකෙන් තුනෙන් වාහන තලලා දාන්න පුළුවන් මට්ටමට මහජනතාව රට දියුණු වුනානං පොහොසත් උනානම්.. යකඩ ගොඩවල් වලට වඩා ජීවිතයේ වටිනවා කියලා හිතන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගුණ නම් මේ වගේ අනතුරු . වෙන්නෙ නෑ.. Ex:- Original ටයර් දාන්නේ නෑ මිල වැඩි නිසා ඩැක් දාන්නේ.. කොළටිය හොඳ ලයිනර් බ්රේක් ෆෑඩි දාන්නෙ නෑ ගණන් වැඩි.. නිසි විදිහට නඩත්තු කරලා හයර් එකක් කිව්වම ගාන වැඩි නිසා හයර් එන්නේ නෑ... ගොඩක් උන් දුවන්නෙත් ඩීසල් වලින් නෙමෙයි ලාම්පුතෙල් වලින්. මිනිස්සුත් හොයන්නේ ආරක්ෂාව නෙවෙයි අඩු ගානට හයර් දුවන බස් 😇😇.. දවස් දෙකකින් තුනකින් කවර් කරන්න ඕන හයර් එක දවසෙන් යන්නේ. හැම වෙලාවෙම හරි දේ හොඳ දේ නෙවෙයි ආදේශක හොයන්නේ..මේ හැමදේටම මුල සල්ලි ඇත්තටම අපේ රටේ බහුතරයක් මිනිස්සු පව්😭😭..*මේ වෙනකන් රට පාලනය කරපු දේශපාලුවෝ හොරා කාලා රට විනාශ කරලා උන් මෙවට වගකිය යුතුයි.. රටේ මහජනතාවත් වගකිය යුතුයි උන්ට බලයට එන්න හොරා කන්න අවස්ථාව දුන්නට*.. මේ අනතුරෙන් රෝහල් ගත වෙලා ඉන්න අයට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිත
අහිමි උන සියලු දෙනාටම නිවන් සුව.. තවත් මේ වගේ අකල් මරණ සිදු නොවේවා 🙏🙏 මේ සේරටම මුල බුදුදහමට අනුව තෘෂ්ණාව 🙏🙏
( අනවශ්‍ය අය ටිපර් වෙන්න එපා මගේ අදහස මම කිව්වේ )