03/04/2024
මීට මාස 6කට පමන පෙර මා මිලදී ගත් Ferentino වර්ගයේ ටයරයක් මීට සති දෙකකට පමනදී පලදුවී ගොස් හුලං අඩුවීගෙන යන තත්වයකට පත්ව තිබුනි. එම ටයරය මා ලබාගෙන තිබුනේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර මාගෙ පදිංචිය ඇත්තේ කටුනායක ප්‍රදේශයේය. ඉතින් මා හට මේ ටයරයේ වගකීම් කාලය නොයික්මවා නොතිබුනත් මා හට කුලියාපිටියට ගොස් එය මාරු කර ගැනීමට කාලය නොමැති හෙයින් මා ආයතනය හා සම්බන්ද වී මේ පිලිබද පැවසූ විට මා හට මෙම ප්‍රදේශය බාරව කටයුතු කරන රංග මහතාව සම්බන්ද කර දුනි. ඉතින් ඔහු ඉතාමත් සුහදශීලීව මා සමග කතා කර මාගේ ටයරයට නැවත අලුත් ටයරයක් ලබාදීමට කටයුතු කරනු ලැබිය. ඉතින් ඇත්තටම Ferentino කියන්නෙ 100% ක් ලංකාවේ නිශ්පාදනයක් එම නිසා ඔහුන්ගේ නිශ්පාදන වලට දිනෙන් දින ජය ප්‍රාර්තනා කිරීමට මම අමතකට නොකරමි. විශේශයෙන්ම මේ ප්‍රදේශය බාරව කටයුතු කරන රංග මහතාද ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් වශයෙන් දැක්වූ සහයෝගය සැබවින්ම අගය කල යුතුය.
Ferentino Sri Lanka 🇱🇰 💪